top of page
Home 21.png

ග්‍රැෆික් නිර්මාණකරුවන්ට ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවති. ඔබට ගුණාත්මක ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වීමට හෝ ඒ සම්බන්ධව කුසලතා ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම පාඨමාලාව ඔබ සඳහාමයි.

Home 31.png

විවිධාකාර කැමරා වර්ග වලින් ලබා ගන්නා වීඩියෝ දර්ශන හෝ ඡායාරූප, සංස්කරණ මෘදුකාංග භාවිතා කරමින් නව ක්‍රමවේදයන් තුළින් ඉහල ගුණත්වයකින් යුතුව ලබා ගන්නා ආකාරය ඔබ සොයමින් සිටියාද,

එසේනම් ඒ ඔබේ ජයග්‍රහණය ලබා ගැනීමට සුදුසු පාඨමාලවයි මේ.

Home 4.png

ඔබ නිර්මාණය කළ සරල රුපයක් හෝ රූපරාමු පෙළක් ත්‍රිමාණ ආකෘතියක් හරහා ලබා ගන්නට අවශ්‍ය නම්, ඔබට එම රූපවල ස්වාභාවය, හැඩය, චලනයන් ආදී ක්‍රියාකාරිත්වයන් රාශියක් පිළිබඳව මනා අවබෝදයක් තිබිය යුතුයි. මෙම පාඨමාලාව හරහා සජීවිකරණ ශිල්පය පිළිබඳව ඔබට මනා අවබෝදයක් ලබා දෙනු ඇත. 

Home 5.png

විශිෂ්ට වෙබ් නිර්මාණයක් යනු ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සහ ඔවුන්ව අහිමි කර ගැනීම අතර වෙනසයි. නව වෙළඳපලක නව විකුණුම් සඳහා ආකර්ෂණීය අවස්ථාවක් හිමි වන අතර ඔබ ගොඩනගන වෙබ් නිර්මාණ සඳහා ද ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ.

   
එසේ නම්, වෙබ් අඩවියක් ගොඩනඟන්නේ කෙසේදැයි ඉගෙන ගන්න, සිත්ගන්නාසුළු වෙබ් නිර්මාණ මෙවලම් සොයා ගන්න, වෙබ් නිර්මාණකරුවෙකු වීමට ඔබේ මාවත ආරම්භ කරන්න.

තවත් බොහෝ දේ ඉගෙන ගනිමින් වෙබ් නිර්මාණකරුවෙකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කරන්න!
අදම මෙම පාඨමාලව ආරම්භ කරන්න.

Home 7.png

කලාත්මක ගෘහ නිර්මාණ ශිල්පියෙකු වීමට විවිධ කුසලතා අවශ්‍ය වන අතර ඉන් එකක් ත්‍රිමාණ ආකෘති නිර්මාණයයි. වාස්තු විද්‍යාත්මක ආකෘතියේ දී ඔබේ වාස්තු විද්‍යාත්මක සැලසුම, අභ්‍යන්තර සැලසුම, බාහිර සැලසුම, භූ දර්ශන නිර්මාණය, ගොඩනැගිලි නිර්මාණය හෝ නාගරික සැලසුම් ව්‍යාපෘති ආදිය ත්‍රිමාණ අනුවාදයක් හරහා ඉදිරිපත් කිරීම හොඳ ක්‍රමයකි. සැබෑ ස්වරුපයේ විවිධ අංග එකට බැඳී ඇති ආකාරය පිළිබඳ අවබෝධයක් එහිදී ලබා ගත හැකිවේ. විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අත්දැකීම් නොමැති අයට පවා මෙම ත්‍රිමාන අනුවාදය හරහා ඒවා තේරුම් ගැනීම පහසු කරයි.


එබැවින්, ඔබේ ගෘහ නිර්මාණ ආකෘතින් සකස් කර ගන්නේ කෙසේද, පරිමාණය, මෙවලම්, අනුක්‍රමය සහ සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම් සිදු කරන ආකාරය ඉගෙන ගන්න මෙම පාඨමාලාවට සම්බන්ද වන්න.

bottom of page